Gossips

ව්‍යවස්ථා යෝජනාවලට විපක්ෂයේ දැඩි විරෝධය – බහුතරය අකමැති බව ආණ්ඩුවත් පිළිගනී

රට බෙදන කිසිදු ව්‍යවස්ථාමය වැඩපිළිවෙලකට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා.
හම්බන්තොට අද පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර අමාත්‍ය පාඨලී චම්පික රණවක කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව ප්‍රකාශ කළේ විශේෂඥයින් ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා යෝජනාවලට බහුතරය එකඟ නොවන බවයි.
මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දරන අදහස පිළිබඳව හිරු ප්‍රවාෘත්ති අංශය එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්සගෙන් විමසුවා.
ඔහු කියා සිටියේ වත්මන් පාර්ලිමේන්තුවේ තත්වය අනුව නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ හැකියාවක් නොමැති බවයි.
කොස්ගම – බොරලූගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
එහිදී ඔහු කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 14 දෙනාගේ සහයෙන් රජය පවත්වාගෙන යන බවයි.