Gossips

ව්‍යවස්ථා ගෙන ඒමට ජනතා බලයක් නැහැ – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට වත්මන් ආණ්ඩුවට ජනතා වරමක් නොමැති බව පැපිලියාන සුනේත්‍රාදේවි පරිවෙනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ අම්බලන්ගොඩ ප්‍රදේශයේදී ඊයේ (11) මාධ්‍යයට අදහස් දක්වමින්.
වත්මන් ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් හෝ ඊට අදාළ සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා ජනතා බලයක් ලැබී නොමැති බවත්, ඒ සඳහා ඔවුන්ට සුජාත අයිතියක් නොමැති බවත් මැදගොඩ අභයතිස්ස හිිමියන් සඳහන් කළා.