Gossips

ව්‍යවස්ථාව සැකසීමේ අලූත් උත්සාහයක් – ජා.නි.පෙ.

රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ දෙමළ බෙදුම්වාදයේ ෆෙඩරල් මෙහෙයුම ක්‍රියාත්මක වීම බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
‘‘ විජයකලා මහේෂ්වරන් කියනවා කොටි නැවත නැගිට්ටුවන්න ඕනා කියනකොට මැයි මාස 19 වැනිදා විග්නේෂ්වරන් ජන සංහාරක සති පවත්වනවා. සිවාජිලිංගම් මෝගන් ෂිවකුමාර් කොටි සාමාජිකයාව පාසල් සිසුන් සමග ගිහිල්ලා සමරනවා. අර පැත්තෙන් ක්ලෝමෝ බෝම්බ දුරස්ථ පාලක සහ හමුදා නිල ඇදුම් හම්බවෙනවා. මේ පැත්තෙන් අනුර කුමාර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධනය අරගෙන එනවා. අර පැත්තෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක සභාව නමැති අටමගල අටවලා ඒකෙ සුමන්තිරන් සහ ජයම්පති වික්‍රමරත්න සම සභාපතිවරුන් කරලා ධර්මලිංගම් සිද්ධාර්ථම් මධ්‍ය පරිදිය අනුකමිටුවේ සභාපතිකරලා නව බෙදුම්වාදි ව්‍යවස්ථාවක් ගෙන ඒමට කත් අදිනවා. මේ වෙන්නෙ මොකක්වත් නොවෙයි මේ වෙන්නේ මහින්ද රෙජිම් චේන්ජ් එක. මේ වෙන්නේ දෙමළ බෙදුම්වාදයේ ෆෙඩරල් මෙහෙයුම තමයි මේ දියත් වෙන්නෙ. ’’
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර ද කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
‘‘ විජේකලාට කොටින් තමන්ගේ ස්වාමි පුරුෂයා ඝාතනය කිරීමෙන් අනතුරුව මන්ත්‍රීකමකට එන්න ලැබුණ වගේ සැනසීම ලබාදෙන්නට තමයි යාපනයේ අයට මේ කොටි කරලියට ගේන්න ඕනා කියලා විජයකලා කියන්නෙ. මහේෂ්වරන් මන්ත්‍රීතුමත් මමත් බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කරපු මන්ත්‍රීවරුන් හැටියට මරණය එම මෘත දේහය වැල්ලවත්තේ නිවසට ගෙන ඒමට පෙරතුව මම එතනට ගියා. විජේකලා එතකොට මන්ත්‍රීතුමිය ඇමතිතුමිය නෙවෙයි. මහේෂ්වරන්ගේ බිරිද එතන බිම වැටිලා කොටින්ට සාප කරමින් දෙස් තියමින් හ`ඩා වැටුණෙ මේ බලන්න කරපු අපරාධයක මහත කියලා දෙමලින් කැඩිච්ච සිංහලෙන් අපිත් එක්ක කතා කරලා. ’’
විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරියට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි ඒකාබද්ධ තරුණ පෙරමුණ කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ
‘‘මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඇහුවා විජයකලා මන්ත්‍රීතුමියගෙන්. එතුමියගේ ප්‍රකාශය අපි දැඩි ලෙස හෙලා දකිනවා වගේම අපි දැක්ක නොයෙක් පාර්ශවයන් ආණ්ඩුවට සම්බන්ධ මේ පිලිබඳව විනය පරීක්ෂණයක් කරනවා කියලා. විනය පරීක්ෂණය වගේම අපි බලාගෙන ඉන්නවා මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරනවා ද නැද්ද යන්න පිළිබඳව.’’
පිවිතුරු හෙළ උරුමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය ප්‍රකාශක නීතිඥ තුෂාර දිසානායකද මෙම සිද්ධිය පිළිබඳ අදහස් පළ කළා.
‘‘මේ විද්‍යානුකූල කැබිනට්ටුවේ ඉන්නවා එල්.ටී.ටී.ඊ සංවිධානයේ දරුවන්ගේ තාත්තලා. ඒවගේම එල්.ටී.ටී.ඊ ය යලි උපද්දවනවා යැයි කියන විජයකලා නම් වූ එල්.ටී.ටී.ඊ ය වෙනුවෙන් පෙනී සිටින අම්මාවරුන්. දැන් එල්.ටී.ටී.ඊ උප්පැන්න හදමින් ඉන්නෙ. රාජිතලා වගේ එල්.ටී.ටී.ඊ තාත්තලාත් විජයකලා වගේ එල්.ටී.ටී.ඊ අම්මාවරුනුත් එක්හව් වෙලා එල්.ටී.ටී.ඊ දරුවා නැවත උපද්දන්න හදන වේලාවක මේ ආණ්ඩුවේ කැබිනට්ටුව ඒ සම්බන්ධයෙන් වින්නඹු කම් කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. ’’