Gossips

ව්‍යවස්ථාව සහ ජාතික ආණ්ඩුව ගැන විපක්ෂ නායක මහින්දගෙන් පැහැදිලි කිරීමක්

ආණ්ඩුව යළි ජාතික ආණ්ඩුවක් පිිහිටුවීමට උත්සාහ කරන්නේ අමාත්‍ය මණ්ඩලය වැඩි කර, පාර්ලිමේන්තුවේ ආසන 113 ක් ලබා ගැනීමේ අරමුණින් බව, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
පළමුවෙන්ම විපක්ෂ නායකවරයා දළදා සමිදුන් වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත් අතර, ඉන් පසුව මල්වතු මහා විහාරය වෙත ගොස්, මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනායක හිමියන් බැහැදුටුවා.
අස්ගිරි මහා විහාරය වෙත ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදැක ඔහු ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවයි.
පසුව, විපක්ෂ නායකවරයා, මහනුවර – ගැටඹේ රජෝපවනාරාමය වෙත පැමිණියේ එහි විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටයි.
එමෙන්ම, මැණික්හින්න – කූරිකඩුව විද්‍යා සාගර පිරිවෙන වෙත ගිය විපක්ෂ නායකවරයා එහිදී රාමඤ්ඤ නිකායේ මහානායක නාපානේ පේමසිරි හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර, එම විහාරස්ථානයේ විහාරවාසි හිමිවරුන් සමග සංවාදයක ද නිරත වුණා.