Gossips

ව්‍යවස්ථාව රැක ගැනීමේ පියවරක් – නීතිවේදීන්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම ව්‍යවස්ථානුකූල බව අධිනීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය ප්‍රකාශ කළා.
ඒ සඳහා 19 වන ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට විකල්පයක් ලබාදී ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ.
මේ අතර, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිවීම වෙනුවට ජනතා පරමාධිපත්‍ය බලය විමසීම වැදගත් වන බවයි නීතිඥ ලාල් විජේනායක මහනුවර අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.