Gossips

ව්‍යවස්ථාවට එරෙහිව ලන්ඩනයේත් විරෝධතා

‘‘රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථා මර උගුල පරදවමු’’ මැයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ පැවැත්වුණා.
මෙය සංවිධානය කර තිබුණේ එක්සත් රාජධානියේ වෙසෙන දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ සංවිධානය විසින්.
එහිදී ඔවුන් කියා සිටියේ 27,000 ක් රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් සහ 14,000 ක් රණවිරුවන් ආබාධිත තත්ත්වයට පත්ව රැකගත් මාතෘ භූමිය බෙදුම්වාදීන්ගේ සහ ජාත්‍යන්තරයේ බලපෑමට යටත්ව පාවාදීමට ඉඩ ලබා දිය නොහැකි බවයි.
සටන් පාඨ සහ පුවරු ප්‍රදර්ශනය කරමින් පැය 3 කට ආසන්න වේලාවක් ඔවුන් ලන්ඩනයේ – ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නිරත වුණා.