Gossips

ව්‍යවස්ථානුකූලව පියවර ගන්නැයි ජනපතිට දන්වන බව කථානායක කියයි

ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා වෙත දැනුම්දීමට කටයුතු කරන බව කතානායක කරූ ජයසූරිය සදහන් කළා.
ඒ අනුව, ජනාධිපතිවරයා විසින් පත් කළ අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට සදහන් මන්ත්‍රීවරුන් 122 දෙනෙකුගේ අත්සන් සහිත ලිපියේ පිටපතක් ද ජනාධිපතිවරයා වෙත යොමුකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් කථානායක කාර්යාලය සදහන් කළේ.
එසේම, ජනතා විමුක්ති පෙරමුණ අද ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ පිටපතක් සහ ඒ සම්බන්ධයෙන් සභාවේ තීරණය ද ජනාධිපතිවරයා වෙත යොමුකරන බව එහි දැක්වෙනවා.