Gossips

වළ දමා තිබූ හෂීස් තොගයක් නාවික හමුදා භාරයට

මන්නාරම – හුනෛස් නගර් ප්‍රදේශයේ වෙරළ තීරයේ වළ දමා තිබූ හෂීස් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයාගෙන තිබෙනවා.
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් අද (17) සිදුකළ මුර සංචාරයක් අතරතුරදී මේවා සොයාගෙන ඇත්තේ.
රුපියල් 75,000ක පමණ වටිනාකමකින් යුත් මෙම හෂීස් තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.