Gossips

වළල්ලාවිට ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණය අද වරෙන්තුවක් නිකුත් කළා.
මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මෙම නියෝගය නිකුත් කළේ මොහුට එරෙහිව විභාග වන නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.
නීතිවිරෝධී ලෙස පස් ප්‍රවාහනය සඳහා අවසර ලබාදීමට රුපියල් ලක්ෂ 10 ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසන් මොහුුට එරෙහිව නඩු පවරා තිබෙනවා.