Gossips

වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට අධි චෝදනා භාර දෙයි

වලල්ලාවිට ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරලට කොළඹ මහාධිකරණය හමුවේ අද (14) අධි චෝදනා භාර දුන්නා.
ඒ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව කටයුතු කරන සමයේ පස් ප්‍රවාහනය කිරීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 10ක අල්ලස් මුදලක් ලබාගත් බවට අල්ලස් කොමිසම පවරා තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේදීයි.
අධි චෝදනා භාර දීමෙන් පසු විත්තිකරු රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප 2ක් මත මුදා හැරීමටයි මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි නියෝග කළේ.
මෙම නඩුව මැයි මස 16 වනදා යලි කැඳවනු ඇති.