මස්කෙළිය – කැනියොන් ජල විදුලි බලාගාරය අසල වළකට වැටී පාසල් සිසුවෙකු අතුරුදන් වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ (20) පස්වරුවේ සිය පියා සමඟ මසුන් මැරීම සඳහා මෙම සිසුවා ඒ අසලින් ගමන් කරන අවස්ථාවේ ලිස්සා ගොස් එම වලට වැටී ඇති බවයි.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ මස්කෙළිය – හපුගස්තැන්න වතුයායේ පදිංචි 13 හැවිරිදි සිසුවෙක්.
ඡායාරූප – මස්කෙළිය, ගාමිණී බණ්ඩාර
