Gossips

වළකට වැටී කුඩා දැරියක් ජීවිතක්ෂයට

දංකොටුව – මැටිකොටුව ප්‍රදේශයේ දී කුඩා දැරියක සිය නිවස පිටුපස ඇති වළකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
දංකොටුව පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අද උදෑසන මෙම කුඩා දැරිය මෙම වළට වැටී ඇති බවයි.
නිවසේ ඇති නාන කාමරයේ ජලය ගලා යාම සඳහා මෙම වළ ඉදිකර ඇති බව සඳහන්.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුද්දයි මාස 9ක් වන කුඩා දැරියක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.