Gossips

වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ පීඨ 4ක් ලබන 16 වන දා විවෘත වෙයි

වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පිහිටි පීඨ 4 ලබන 16 වන දා විවෘත කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසනවා.
සිසුන් පිරිසකගේ පන්ති තහනම ඉවත් කරන ලෙස සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධ ගැටලූ කිහිපයක් මුල් කර ගනිමින් සිසුන් පිරිසක් පසුගිය මස 28 වන දා සිට පරිපාලන ගොඩනැගිල්ල තුළ රැදී සිටීම හේතුවෙනුයි විශ්වවිද්‍යාල මෙලෙස වසා දැමීමට පාලනය අධිකාරිය තීරණය කරනු ලැබුවේ.
ඒ අනුව සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර, කළමනාකරණ, ව්‍යවහාරික විද්‍යා සහ තාක්ෂණ පීඨ පසුගිය මස 29 වන දා සිට වසා දැමීමට පියවර ගැනුණා.
පසුව අදාළ ගැටළුව සම්බන්ධයෙන් විසදුම් ලබාදීමත් සමඟ සිසුන් ඉන් ඉවත් වූ අතර ඒ අනුවයි විශ්වවිද්‍යාලය මෙලෙස ලබන 16 වන දා යළි විවෘත වන්නේ.
මේ අනුව නේවාසික සිසුන් 15 වන දා පස්වරු 4ට පෙර පැමිණිය යුතු බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය දැනුම් දී තිබෙනවා.