Gossips

වසර 6 ක් පුරා පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් ගැන තොරතුරු හෙළිවෙයි

ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන යමින් ව්‍යාජ ලිපි ලේඛණ සකස් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා.
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව ව්‍යාජ ලිපි ලේඛණ සකස්කර ළග තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ රාත්‍රී මීගමුව වැල්ලවීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුනා.
එම පුද්ගලයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබී කොළඹ ප්‍රසිද්ධ පාසලක විභාග ප්‍රථිපල නිකුත් කිරීමේ සහතිකයක් සහ තවත් ව්‍යාජ ලිලපි ලේඛණ කිහිපයක් සොයාගත් බවයි පොලිසිය කියාසිටියේ.
සැකකරුගෙන් ලැබුනු ප්‍රකාශ මත මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරිය පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනුනා.
42 හැවිරිදි මෙම පුද්ගලයා එම ව්‍යාජ කච්චේරිය වසර 6 ක පමණ කාලයක සිට පවත්වාගෙන ගොස් ඇතැයි හෙළිවී තිබෙනවා.
සැකකරුගේ නිවසේ තිබී වත්තල, කටාන, මිනුවන්ගොඩ, කොළොන්නාව, දිවුලපිටිය සහ මාළඹේ යන සහකාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිල මුද්‍රා සොයාගෙන ඇතැයි සඳහන්.
ඊට අමතරව ගම්පහ, මීගමුව, මාරවිල, රත්නපුර, හෝමාගම සහ නුගේගොඩ යන ප්‍රදේශවල පිහිටි අතිරේක ඉඩම් රෙජිස්ටාර් කාර්යාලවල ව්‍යාජ ලිපි ලේඛණ, තවත් ව්‍යාජ ලෙසට සකස් කළ ලිපි සහ එම ලිපි සකස් කිරීමට යොදාගත් ඉංග්‍රීසි යතුරුලියනයක් ද සොයා ගැනුනා.
මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.