Gossips

වසර 6 ක් තුළ දරිද්‍රතාවය අඩු කිරීමට රුසියානු ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන්

ඉදිරි වසර 6 ක කාලය තුළ දරිද්‍රතාවය අඩකින් අඩු කිරීමට කටයුතු කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ මොස්කව් නුවරදී අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
රුසියානු ජනාධිපතිවරයා සිය 4 වන ධුර කාලය සදහා මේ වනවිට ප්‍රතිපත්ති සම්පාදනය කරමින් සිටින අතරතුරදීයි මෙලෙස ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇත්තේ.