Gossips

වසර 45 කට පසු කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ටෙස්ට් වර්ගීකරණයේ පළමු තැනට

බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් ලොව හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රිඩකයින් අතර පළමු ස්ථානයට පැමිණ තිබෙනවා.
එරටින් බිහිවු විශිෂ්ඨ ක්‍රීඩකයෙකු වු සර් ගැරී සෝබර්ස්ගෙන් පසු ලොව හොදම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු ස්ථානයට පැමිණි බටහිර ඉන්දීය ක්‍රීඩකයා වන්නේ මොහුයි.
ගැරී සෝබර්ස් ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වල තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු ස්ථානයට පත්වූයේ 1974 වසරේදියි.
එංගලන්තයට එරෙහිව පසුගියදා නිමාවට පත්වු ටෙස්ට් තරගයේදී කොදෙව්වන් වෙනුවෙන් ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 202 ක් සහ පන්දු යැවීමේදී කඩුලූ 2 ක් දවාගත්තා.
එම තරගයෙන් පසුවයි ඔහු මෙලෙස ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට පැමිණ ඇත්තේ.
ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ බංග්ලාදේශයේ සකීබ් අල් හසන් පසුවන අතර, තුන්වන ස්ථානයට පැමිණ ඇත්තේ ඉන්දියාවේ රවින්ද්‍ර ජඬේජායි.