වසර 42 කට පසු මෙරට ධීවර සංගණනයක් පැවැත්වීමට ධීවර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ධීවර කාර්මිකයින් පිළිබඳව නිවැරදි දත්ත ලබාගැනීම මෙහි අරමුණ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සමග එක්ව මෙම වසරේදී මෙම සංගණනය පවත්වන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
