මහනුවර – මැදවල ඓතිහාසික රජමහා විහාරස්ථානයේ පුස්තකාලය කඩා ඉපැරණි පුස්කොළ පොත් 13 ක් සොරා ගෙන ගොස් තිබෙනවා.
වසර 300 කට වඩා පැරණි මෙම පුස්කොළ පොත් පසුගිය 19 වනදා රාත්‍රියේ හෝ 20 වන දා අලූයම සොරකම් කර ඇති බවයි විහාරාධිපති හිමියන් පොලීසියට පැමිණිලි කර ඇත්තේ.
ශ්‍රී ලංකාවේ පැරණි ලේඛන ශෛලීන් සහ අක්ෂර ක්‍රම ගැන තොරතුරු රැසක් එම පුස්කොළ පොත්වල අඩංගු වන බව සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පූජාපිටිය පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
