වසර 3 කට ආසන්න කාලයක් සිරියාවේ සන්නද්ධ කල්ලි භාරයේ රඳවා තබාගෙන සිටි ජපාන මාධ්‍යවේදියෙකු වන ජුන්ෂේ යෂූදා නිදහස් කර තිබෙනවා.
2015 වසරේ තුර්කියේ සිට සිරියාව දක්වා ගමන් කරමින් සිටියදී ඔහු අතුරුදන් වූ බවටයි වාර්තා වුණේ.
අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායම් වලට සම්බන්ධ පිරිසක් විසින් ඔහුව රඳවා තබා ගෙන ඇති බවට සැක කෙරුණා.
මේ වනවිට ජුන්ෂේ යෂූදා තුර්කියේ සිටින අතර, ජපානයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් පිරිසක් ඔහු සිටින ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.