Gossips

වසර 2700කට පෙර යාපනය බලකොටුවේ ජාත්‍යන්තර වෙලඳ කලාපයක් පැවති බවට තොරතුරු

වසර 2700 කට පමණ පෙර, යාපනය පෘතුගීසි බලකොටුව ආශ්‍රිත ප්‍රදේශයේ ජාත්‍යන්තර වෙළඳ කලාපයක් පැවති බවට එහි සිදුකළ කැණීම්වලදී හෙළිවී තිබෙනවා.
යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්. පුෂ්පරත්නම් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ එම කාලයේදී ශ්‍රී ලංකාව, දකුණු ඉන්දියාව, චීනය සහ රෝමය ඇතුලූ විවිධ රටවල් සමඟ වෙළඳ සබඳතා පැවැත්වූ බවට එමඟින් හෙළිදරව් වන බවයි.
එම කාලයට අයත් කාසි ඇතුලූ භාණ්ඩ රැසක්ද පුරා විද්‍යා නිලධාරීන් සිදුකළ කැණීම්වලදී හමුව තිබෙනවා.
එසේම යාපනය බලකොටුව ආශ්‍රිතව සිර කඳවුරක් පැවති බවට සැළකෙන ප්‍රදේශයක්ද හමුවූ බවයි යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්. පුෂ්පරත්නම් කියා සිටියේ.