Gossips

වසර 2500කට වඩා පැරණි සොහොන් ගැබකින් සියල්ලන් මවිතයට පත්කරමින් හමුවූ දේ

වසර 2500කට වඩා පැරණි බිත්තර තොගයක් සොයාගැනීමට පුරාවිද්‍යා පර්යේශකයන් පිරිසක් සමත්ව තිබෙනවා.
චීනයේ පුරාවිද්‍යා ආයතනය සිදුකළ කැනීම් කටයුතුවලදී මෙම බිත්තර තොගය හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ එය මැටි බඳුනක ඇතුලත තැන්පත් කර තිබීමයි.
එසේම මෙම බිත්තර සහිත මැටි මුට්ටිය සොහොන් ගෙයක් තුළින් හමුවීම සුවිශේෂ කරුණක් බවයි මෙම සොයාගැනීම සිදුකල පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.
මේ වනවිට බිත්තර කටුව පමණක් ඉතිරිව පවතින බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
මෙම බිත්තර තොගය හමුවී ඇත්තේ නැගෙනහිර චීනයේ ශැන්ෂිංග් නගරය ආසන්නයේ පිහිටා ඇති සොහොන් ගැබකින්.
එහි තිබී සම්පූර්ණ බිත්තර කටු 20 ක් පමණ හමුව ඇති බවද සඳහන්.
මේ අතර එහි තිබී තවත් ගෘහ ආම්පන්න කිහිපයක් හමුව ඇති අතර ඒවා මඩ තුළ තිබී සොයාගෙන ඇති අතර මෙම බිත්තර සහිත මැටි බඳුන එම මැටි මත තැන්පත් කර තිබීම විශේෂත්වයක්.