Gossips

වසර 24 කට පෙර අතුරුදන්වූ දියණිය යළි හමුවෙයි

වසර 24 කට පෙර අතුරුදන්වූ තම දියණිය යළි සොයාගත් මව් පිය දෙදෙනෙකු පිළිබඳ පුවතක් චීනයෙන් වාර්තා වනවා.
1994 වසරේදී අවුරුදු 3 ක් වයසැති දියණිය අතුරුදන්ව දෙමව්පියන් සමග පදික වේදිකාවේ තිබුනේ පළතුරු වෙළඳාම් කරමින් සිටියදීයි.
දිනයේ වෙළඳාම අවසානයේදී සොයා බලන විට කුඩා දැරිය නොසිටි බවයි මෙම මව් පිය යුවළ මාධ්‍ය වෙත ප්‍රකාශකර ඇත්තේ.
අනතුරුව වසර 24 ක් පුරා දැරිය සොයාගැනීමට ඔවුන් දැඩි වෙහෙසක් දරා තිබෙනවා.
ඒ වෙනුවෙන් පියා කුලී රථ රියදුරෙකු ලෙසට ද සේවය කර ඇත්තේ කෙදිනක හෝ තම දියණිය මගියෙකු ලෙසට තම කුලී රියට පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙන්.
එමෙන්ම දියණිය සොයා දෙන ලෙසට ඉල්ලා පුවත්පත් දැන්වීම් ද පළකර ඇතැයි සඳහන්.
අතුරුදන්වූ දැරියගේ ඡායාරූපයක් හෝ නොමැතිවීම හේතුවෙන් බෙදා හරිනු ලැබු අත් පත්‍රිකාවලට යොදා ඇත්තේ අනෙක් දියණියගේ ඡායාරූපයක්.
මෙම පියා පිළිබඳ අන්තර්ජාලයේ පළවූ සටහනක් දැකීමෙනුයි දියණිය ඔහු සම්බන්ධ කරගෙන ඇත්තේ.
මෙම දෛවෝපගත සිදුවීම පිළිබඳ චීනයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.
යළි හමුවු දියණිය මේ වන විට විවාහ වී ඇති අතර ඇයට කුඩා දියණියක් සහ පුත්‍රයෙක් ද වනවා.