Gossips

වසර 14 ක් ඇස්දෙක වගේ බලාගත් තම දියණියගේ වියෝවෙන් හෝරා කිහිපයකට පසු ජීවිතයෙන් සමුගත් අම්මා

වසර 14 ක් ඇස්දෙක වගේ බලාගත් තම දියණියගේ වියෝවෙන් හෝරා කිහිපයකට පසු ජීවිතයෙන් සමුගත් අම්මා "
තම දියණියගේ හදිසි වියෝව දරාගත නොහැකි මවක් හෘදයාබාධයකින් මියගිය පුවතක් කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.
දේහය නිවසට ගෙන එන අවස්ථාවේ ඇතිවූ හදිසි හෘදයාබාධයකින් ඇයගේ මව මෙලෙස මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මැල්සිරිපුර බෝගහපිටිය ප්‍රදේශයේ පදිංචි අනූෂා දමයන්ති කුමාරි නමැති (34) හැවිරිදි මව සහ නෙත්මි නිශාදි පෙරේරා නමැති 14 හැවිරිදි ඇයගේ දියණියයි.
දියණිය කලක් තිස්සේ පෙනහලු රෝගයකින් පීඩා විඳ ඇති අතර පසුගිය 24 වනදා දහවල් හදිසියේම ඇය නිවසේදී මියගොස් තිබූ බවයි වාර්තා වන්නේ.
තම දියණියගේ මරණය සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇයගේ මව අතිශය වේදනාවෙන් යුතුව සිට තිබෙනවා.
අනතුරුව දියණියගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් පසුව දේහය නිවසට රැගෙන ආ අවස්ථාවේදී ඇය එකවරම සිහිසුන්ව ඇදවැටී හෘදයාබාදයකින් මියගොස් තිබෙනවා.
මවගේ සහ දියණියගේ දේහයන් ඊයේ (27) පස්වරුවේ මැල්සිරිපුර, දිසාකුඹුර පොදු සුසාන භූමියෙහි එකම වලක මිහිදන් කිරීමට කටයුතු කර තිබුණා.