Gossips

වසර 14 කට පසු පුරාවස්තු ආඥා පනත සංශෝධනයට

වැල්ලවාය – ඇතිලිවැව පැරකුම් මාවත ප්‍රදේශයේදී නිධන් හාරමින් සිටි හාලිඇළ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ඇතුළු 7 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිධන් හෑරීම සඳහා ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයක් සහ උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් අවුරුදු 25 ත් 63 ත් අතර වයස්වල පසුවන හාලිඇල, බුත්තල සහ වැල්ලවාය ප්‍රදේශවල පදිංචිකරුවන්.
මේ අතර පුරාවස්තු ආඥාපනත උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට වරදකරුවන් වන පුද්ගලයින්ට නියම කෙරෙන දඩ මුදල් සහ දඩුවම් දැඩි කිරීමට තීරණය කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊට අදාළව දැනට පවතින දඩ මුදල් වසර 14 කින් යාවත්කාලීන කර නොමැති බවයි.