Gossips

වසර 09කට පසු සංගා යළි එන බව කියයි

පාකිස්ථාන ප්‍රිමිය ලීග් පන්දුවාර 20 තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙනවා.
මෙම තරඟාවලියේ අවසන් වටයේ තරඟ පකිස්ථානයේදී පැවැත් වීමටයි තරඟ සංවිධායකයන් සැලසුම් කර ඇත්තේ.
ඒ අනුව මෙවර පාකිස්ථාන ප්‍රිමිය ලීග් තරඟාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර තරඟාවලියේ අවසන් වටයේ තරඟ සඳහා එක්වීමට පාකිස්ථානයට යාමට සිය එකඟතාවය පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සංගක්කාරට අමතරව තවත් විදෙස් ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම පකිස්ථානය යාමට කැමැත්ත පලකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
2009 වසරේදී පකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්ථානයේ තරඟ සංචාරයක් සඳහා කුමාර් සංගක්කාර එක්වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
මෙවර පාකිස්ථාන ප්‍රිමිය ලීග් පන්දුවාර 20 තරඟාවලියේ අවසන් වටයේ තරඟ කිහිපයක් ලාහෝර් නුවරදී පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව සංගක්කාර පාකිස්ථානයේ තරඟ සංචාරයක් සඳහා එක්වන්නේ වසර 09කට පසුවයි.
මෙවර තරඟාවලියේදී මුල්ටන් සුල්තාන් කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.