Politics Sri Lanka

වසර 05ක් වත්කම් හෙළි නොකළ මහින්දගේ ආරක්ෂකයාට දඩය 5000යි

වසර 05ක් වත්කම් හෙළි නොකළ මහින්දගේ ආරක්ෂකයාට දඩය 5000යි

විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතතාගේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරී මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාට රුපියල් 5,000ක දඩයක් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (06) නියම කර තිබේ.

යුද හමුදා මේජර්වරයකු ලෙස සේවයේ යෙදී සිටිමින් වසර 5කට අදාළව සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් නොකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.

තමන් වර්ෂ 2010 සිට වර්ෂ 2014 දක්වා වූ වසරවල ත්කම් බැරකම් ප‍්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් නොකළ බවට මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා අද අධිකරණයේදී පිළිගෙන තිබේ.

ඒ අනුව වර්ෂ 2010 සිට වර්ෂ 2014 දක්වා වූ වසරවලට අදාළව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩු පහක් සම්බන්ධයෙන් එක් නඩුවක් සඳහා රුපියල් දහසක් බැගින් නඩු පහක් වෙනුවෙන් රුපියල් පන්දහසක දඩයක් නියම කර ඇත.

අයතා වත්කම් උපයා ඇති බවට මේජර් නෙවිල් වන්නිආරච්චිට සහ මහින්ද රාජපක්ෂගේ තවත් පුද්ගලික ආරක්ෂකයන් දෙදෙනෙකු වන බ්‍රිගේඩියර් දමිත ගෝමින් රණසිංහට හා කපිතාන් තිස්ස විමලසේනට එල්ලවී තිබූ චෝදනා අනාවරණය වී ඇති අතර එලෙස උපයාගත් මුදල් තැන්පත් කර ඇති බවට සැක කරන එම පුද්ගලයන්ගේ බැංකු 32ක හා මූල්‍ය ආයතන 47ක ගිණුම් පරීක්ෂා කිරීමටද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා 2016 වසරේ මාර්තු මස 10වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝගයක්ද ලබා දී තිබිණ.