Gossips

වසර හතකදී සෙල්ෆි මරණ 259 ක්

වසර 7ක කාලසීමාවක් තුළ සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී සිදුවූ අනතුරුවලින් ලොව පුරා පුද්ගලයන් 259 දෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම කරුණු අනාවරණ වී ඇත්තේ ඉන්දියාවේ ආයතනයක් විසින් සිදුකළ සමීක්ෂණයකදියි.
මෙම පිරිසෙන් 159 දෙනෙකුම ඉන්දියානුවන් වීම විශේෂත්වයක්.
අදාළ සමීක්ෂණ වාර්තාවේ සඳහන් වන පරිදි සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් දියේ ගිලීම්, ඇදවැටීම් සහ දුම්රියේ ගැටීම් හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව තිබෙනවා.
සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී මියගිය පිරිසෙන් සියයට 72ක්ම වයස අවුරුදු 30 ට අඩු තරුණයන් වීම විශේෂත්වයක්.