Gossips

වසර මිලියන 518 ක් පැරණි පොසිල චීනයෙන් හමු වේ

චීනයේ – කුබෙයි ප්‍රාන්තයේ ඩැන්ෂුයි ගංඟා ඉවුරෙන් ඉපැරණි පොසිල කොටස් සොයාගෙන තිබෙනවා.
මෙම පොසිල වසර මිලියන 518 ක් පැරණි බවට අනාවරණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ජෙලි මත්ස්‍යයන් ඇතුලූ මුහුදු ජීවීන්, පනුවන්, ඇල්ගී වර්ගවල පොසිල කොටස් 4531 ක් මෙහිදී හඳුනාගෙන තිබෙනවා.
එම පොසිලවල සම, ඇස්, සහ අභ්‍යන්තර අවයව කොටස් හොඳින් හඳුනාගැනීමට හැකිවන අයුරින් ආරක්ෂා වී තිබීම විශේෂත්වයක් බවයි එරට විශේෂඥයන් පවසන්නේ.