Gossips

වසර තිහකට පසු යාපනය කන්කසන්තුරය අවතැන් ජනතාවට මුල් ඉඩම් පවරාදෙයි

වසර තිහකට පසුව යාපනය අවතැන් ජනතාව වෙත සිය මුල් ඉඩම් අක්කර 4.20 ක ප්‍රමාණයක් පවරාදීම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) යාපනය කන්කසන්තුරය මධ්‍යම ග්‍රාමයේදී පැවැත්වුණා.
යුද්ධය හේතුවෙන් අවතැන් කදවුරු තුළ හා වෙනත් ස්ථානයන් ගේ වසර 30 කට වැඩි කාලයක් පදිංචිව සිටි පිරිස් වෙනුවෙන් අදාළ ජනතාව පදිංචිව සිටි ජේ 234 කන්කසන්තුරය මධ්‍යම ග්‍රාම සේවා වසමට අයත් මුල් ඉඩම් එලෙස නැවත පවරාදීම මෙහිදී සිදු කෙරුණා.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් වෙත ඉඩම් පැවරීම සිදුකරනු ලැබුවා.
වැඩසටහන් අවස්ථාවට යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.මුරලිදරන් ,එස්.ශ්‍රීවශ්‍රී ,ප්‍ර‍දේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
වවුනියාව – මාධව කුලසූරිය