වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ හෙරොයින් කිලෝ 840ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.
පසුගිය වසර තුළ පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 732ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත්, වසරේ මේ දක්වා කාලය තුළ මෙලෙස හෙරොයින් කිලෝග්‍රෑම් 840ක් අත්අඩංගුවට ගැනීම වාර්තාගත වැඩිවීමක් බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ විෂ මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් විදෙස් ජාතිකයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි ආසන්නතම සිද්ධිය ඊයේ වාර්තාවූ අතර, එහිදී ඉරාන ජාතිකයන් 9 දෙනෙකු සමඟ රුපියල් කෝටි 120 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 107 ක් අත්අඩංගුවට ගත්තා.
නාවික හමුදාවේ සහය ඇතිව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දකුණු මුහුදේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් හෙරොයින් සහිත මෙම යාත්‍රාව ඊයේ පස්වරුවේ කොළඹ වරායේ නාවික හමුදා ජැටිය වෙත ගෙන එනු ලැබුවා.
