නව වසරේ පළමු පක්ෂ නායක රැස්වීම කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවැත්වෙනවා.
එය පෙරවරු 11 ට ආරම්භවීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මෙහිදී පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සහ අයවැය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.
පාර්ලිමේන්තුව ලබන 8 වනදා පස්වරු 1 ට රැස්වීමට නියමිතයි.