වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 12,084 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා.
ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 5576 දෙනෙකු සහ පෙබරවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 3670ක් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ වාර්තා පෙන්වා දෙන්නේ.
මාර්තු මාසයේ මේ දක්වා ගත වූ කාලසීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2838ක්.