මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 35,211 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
අගෝස්තු මාසයේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2026 ක්. වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මදුරුවන් බෝ වීමට ඉඩ ඇති ස්ථාන පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමුකරන ලෙසයි.
පසුගිය ජූලි මාසයේදී ඩෙංගු රෝගීන් 6375 දෙනෙකු වාර්තා වී ඇති අතර, ජුනි මාසයේ රෝගීන් 5503 ක් වාර්තා වී තිබෙනවා.
වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජනවාරි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 7278 ක්.
