Gossips

වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 22,492 ක්

මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 22,492 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 7178 දෙනෙකු වාර්තා වී ඇති අතර, පෙබරවාරි මාසයේ රෝගීන් 4390ක් සහ මාර්තු මාසයේ රෝගීන් 3325ක් වාර්තා වී තිබෙනවා.
මේ මාසයේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 1636 ක්. ඩෙංගු රෝගීන්ගෙන් සියයට 30 යි දශම 5 ක් බස්නාහිර පළාතෙන් වාර්තා වීම ද විශේෂත්වයක්.