වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 15,578 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 7178 දෙනෙකු වාර්තා වී ඇති අතර, පෙබරවාරි මාසයේ රෝගීන් 4390ක් සහ මාර්තු මාසයේ රෝගීන් 3264ක් වාර්තා වී තිබෙනවා.
අප්‍රේල් මාසයේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 946ක්.
ඩෙංගු රෝගීන්ගෙන් සියයට 31ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, දින තුනකට වඩා උණ රෝගය පවතින්නේ නම් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යොමු වන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය ජනතාවට උපදෙස් ලබාදෙන්නේ.
