Gossips

වසරේ ගතවූ කාලය තුල මත් ජාවාරම් සම්බන්ධයෙන් 37,000 ක් අත්අඩංගුවට

වසරේ මේ දක්වා කාලය තුළ සිදුකළ වැටලීම් වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 430 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.
ඒවායේ වටිනාකම රුපියල් මිලියන 5166 ක්.
බේරුවල – බලපිටිය මුහුදු තීරයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙරටදී හමුවූ දෙවන විශාලතම හෙරොයින් තොගය පිළිබදව දැනුවත් කිරීම සදහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියා.
එමෙන්ම, වසරේ මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් 37,304 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් එහිදී සදහන් කළේ.