Gossips

වසරේ අවසන් කාල සිමාවේදී එල්නිනෝ කාලගුණ තත්ත්වයක්

මෙම වසරේ අවසන් කාලසිමාවේදී එල්නිනෝ කාලගුණ තත්ත්වයක් ඇතිවන බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසනවා.
එහි බලපෑම 2015 – 2016 වසර වලට සාපේක්ෂව සියයට 70 ට අඩු ප්‍රතිශයක් වන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.
මෙම කාලගුණ තත්ත්වයත් සමඟ පැසිෆික් සාගරයේ මතුපිට උෂ්ණත්වයේ වෙනසක් දක්නට ලැබෙනු ඇති.
එසේම එහිදී මිහිතලය අසාමාන්‍ය ලෙස උණුසුම් වන අතර, ලෝක කාලගුණ සංවිධානයේ දත්ත වලට අනුව, 2015, 2016 සහ 2017 වසර තුන ලොව උණුසුම්ම කාලසීමාව බව ද සඳහන්.