නායයෑම්, ගංවතුර ආදී ආපදා හේතුවෙන් දැඩිලෙස රට පුරා ජනතාව විපතට පත් පුවත් වාර්තාවද්දී වසරක් පුරා නායයෑම් හේතුවෙන් දුක්විදිනා පිරිසක් පිළිබද පුවතක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අයහපත් කාලගුණ තත්තවය හේතුවෙන් මතුගම ඕගන්වත්තේ පහළ කොටස නායයෑමට ලක්වන්නේ පසුගිය වසරේ මැයි මස 26 වැනිදායි.
ඒ සමග එහි වාසය කළ පවුල් 36 කට අයත් පුද්ගලයන් 168 දෙනෙකු රජයේ මැදිහත්වීම මත මෙම තාවකාලික කූඩාරම්වල පදිංචි කර තිබෙනවා.