වසරකට භික්ෂූන් වහන්සේලා දහසක් සිවුරු හැර යන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසනවා.
දිගන – රජවැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක අද (17) පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ භික්ෂූන් වහන්සේලා රක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇති බවයි.
මීට අමතරව බුද්ධ ශාසන ආරක්ෂා කර ගැනීම සඳහා වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා වැඩසටහනක් ද ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.
