Gossips

වසන්ත සහ වඩිවේල් ඇමති ධුරවලින් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තුවේ මතුවූ තත්ත්වයත් සමඟ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ සංචාරක හා වනජිවි අමාත්‍ය වසන්ත සේනානායක සහ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් අද යළිත් එක්සත් ජාතික පක්ෂයට සහය පළ කළා.
ඔවුන් පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් රජයට සහය පළ කිරීමටයි තීරණය කරනු ලැබුවේ.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මුණ ගැසීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක සඳහන් කළේ තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොවූ බවයි.
එමෙන්ම අද යළි එක්සත් ජාතික පක්ෂයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ද අදහස් දක්වා සිටියා.
ඔහු කියා සිටියේ තම ජනතාවට සේවය කිරීම සඳහා පසුගියදා අමාත්‍ය ධුරය ලබාගත් බවයි.