Gossips

වසන්ත කරන්නාගොඩ 04වන දිනටත් CIDයේ

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු නාවික හමුදාපති, විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් මේ වනවිටත් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටිනවා.
අද පෙරවරු 9.30 ට පමණ ඔහු එම දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ හතරවන දිනටයි.
අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ මාර්තු මස 11 වනදායි.
එදින මොහුගෙන් පැය 03කට අධික කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා.
පසුව ඔහු දෙවන වරටත් මාර්තු මස 13 වනදා එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර එහිදී පැය 06කට ආසන්න කාලයක් ප්‍රශ්ණ කර ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා.
විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ තුන්වන වරට සී අයි ඩීය හමුවේ පෙනී සිටියේ මාර්තු මස 19 වනදායි.
එදින ඔහුගෙන් පැය 04කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබූ බවයි වාර්තා වන්නේ.
2008 – 2009 කාල වකවානුවේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහුට විරුද්ධව චෝදනා එල්ල වනවා.
විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ වනවිට නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.