Gossips

වවුනියාව ලංගම බස් රථ සේවකයින් වර්ජනයක

වවුනියාව ශ්‍රී ලංගම ඩිපෝවට අයත් සියලුම බස් රථ සේවකයින් අද (17) පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, වවුනියාව බස් නැවතුම්පොලේදී, පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු ඇතුළු පිරිසක් ලංගම බස් රථයක කොන්දොස්තරවරයෙකුට ඊයේ (16) පස්වරුවේ සිදුකළ පහරදීමට විරෝධය පළ කරමින්.
කෙසේ වෙතත් අදාල පහරදීමට සම්බන්ධ බව කියන පෞද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
සිද්ධිය සිදුවූ අවස්ථාවේ ජංගම දුරකථනයකින් ලබාගත් දර්ශන පහතින්..