Gossips

වවුනියාව ඩිපෝවේ මහා පරිමාණ ඉන්ධන ජාවාරම

වවුනියාව ඩිපෝවේ ඉන්ධන බෙදාහැරීමේ සේවකයින් පිරිසක් එම ඉන්ධන සොරාගෙන අලෙවි කිරිමේ මහා පරිමාණ ජාවාරමක් අනාවරණ කර ගැනීමට හිරු සි.අයි.ඒ සමත් වුණා.
අද හිරු සී.අයි.ඒ. වෙන්වන්නේ ඛනිජ තෙල් සංස්ථා විශේෂ වැටලීම් ඒකකයත් සමග සිදුකළ එම මෙහෙයුම වෙනුවෙනුයි.
උතුරු පළාත සදහා ඉන්ධන බෙදාහැරීමට ඛනිජ තෙල් සංස්ථාව මෙවැනි දුම්රිය ටැංකි භාවිත කරනවා.
වවුනියාව ඩිපෝවට ප්‍රවාහනය කරන ඉන්ධන ගබඩා කෙරෙන්නේ වවුනියාව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයත් මෙම ස්ථානයේයි.
ආරක්ෂක නිලධාරියෙකු හා කළමනාකරුවෙකු ද තෙල් සංස්ථාව මගින් මෙම ස්ථානයේ සේවයට අනුයුක්ත කර තිබෙනවා.
පිටතින් පැමිණෙන බවුසර් සදහා තෙල් පිරවීමේ කටයුතු සදහා යොදවා ඇත්තේ පෞද්ගලික සේවකයින් පිරිසක්.
එම ස්ථානයේ කලක පටන් ඉන්ධන සොරාගෙන අලෙවි කරන ජවාරමක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පවතින විශේෂ වැටලීම් ඒකකයට තොරතුරක් ලැබී තිබෙනවා.
ඒ අනුව වැටලීම් ඒකකයේ නිලධාරීන් හා හිරු සී.අයි.ඒ. කණ්ඩායම එම ස්ථානය වැටලීමට සැලැස්මක් දියත් කළේ දින කිහිපයක් දුම්රිය මගීන් සහ සාමාන්‍ය වැසියන් සේ වෙස් වලා ගනිමින්.
නීතියට අනුව තෙල් පිරවූ බවුසරයක් ඩිපෝවකින් පිටතට පැමිණෙන්නේ නම් එහි ආරක්ෂිත මුද්‍රාවක් තිබිය යුතුයි.
නමුත් දිනය අවසානයේදී කිසිදු මුද්‍රාවක් නොමැතිව සොරකම් කරන ලද ඉන්ධන පටවාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අයත් බවුසර් රථ පිටතට යන්නේ මෙලෙසයි.
එම ඉන්ධන ජාවාරමට සංස්ථා සේවකයින් මෙන්ම අනෙකුත් සේවකයින් ද සම්බන්ධ වන්නේ ඔත්තු බැලීමෙන්.
කෙතරම් සූක්ෂම ලෙස මෙම ජාවාරම සිදුකළත් හිරු සී.අයි.ඒ නෙතට එය වසන් කිරීමට හැකිවුණේ නැහැ.
මෙම ජාවාරම වැටලූ ආකාරය හා එහි සිදුවන තවත් නීති විරෝධී කටයුතු ගැන හෙලිදරව්වක් හෙට හිරු සී.අයි.ඒ. තුලින් ගෙන ඒමට අප සූදානම්.