Gossips

වවුනියාව – කුරුදුපිටිය රක්ෂිතයේ ගින්නකින් අක්කර 50 කට හානි (ඡායාරූප)

වවුනියාව – කුරුදුපිටිය රක්ෂිත සීමාවේ හටගත් ගින්නකින් අක්කර 50 කට වැඩි භූමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
වවුනියාව – ඉරට්ටපෙරියකුලම් පොලීසිය සඳහන් කළේ කිසියම් පුද්ගලයෙකු හේන් වගා කිරීම සඳහා ඊයේ (14) කැලෑවකට ගිනි තැබීම හේතුවෙන් මෙම රක්ෂිත ප්‍රදේශයද ගිනිගෙන විනාශ වී ඇති බවට සැක පළ කරන බවයි.
මේ දිනවල පවතින වියලි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගින්න සීග්‍රයෙන් ව්‍යාප්ත වී අතර, වවුනියාව නගර සභා ගිනි නිවීමේ ඒකකය මැදිහත්ව එය මැඩපවත්වා තිබෙනවා.

ඡායාරූප – වවුනියාව, රොමේෂ් මධුසංක