වවුනියාව – ටොනිකල් ප්‍රදේශයේ ගුඩ්ෂෙඞ් පාරේ පිහිටි නිවසකදී අද අලුයම මාස 8 ක බිළිඳෙකු කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.
පුද්ගලයින් තුන්දෙනෙකු පැමිණ නිවසේ නිදා සිටි මෙම බිළිඳා පැහැරගෙන ගොස් ඇති බවටයි ඔහුගේ මව පොලීසියට පැමිණිලි කර ඇත්තේ.
මෙම බිළිඳාගේ මව සහ පියා වෙන්ව වාසය කරන බැවින් බිළිඳාගේ පියා විසින් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
