Gossips

වව්නියාව මණ්ඩපය දින නියමයක් නොමැතිව වැසේ (ඡායාරූප)

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
සිසුන් චෝදනා කළේ ශිෂ්‍ය නේවාසිකාගාරයක තැන්පත් කළ බුදු පිළිමයක් පාලන අධිකාරිය බලහත්කාරයෙන් ඉවත් කරමින් විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට කටයුතු කර ඇති බවයි.
මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය විශ්වවිද්‍යාල පාලන අධිකාරියෙන් විමසීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූයේ ඔවුන් දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

(ඡායාරූප – රොමේෂ් මදුශංක)