Gossips

වව්නියාව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

දේශපාලන පක්ෂ නියෝජිතයින් දෙපිරිසක් අතර සිදුවූ බහින් බස් විමක් දුර දිග යාමෙන් වවුනියාව නගර සභාව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
අද(16) උදෑසන වව්නියාව නගර සභාවේ සභාපතිවරයා පත්කර ගැනීම සදහා පැවතී ඡන්දෙන් අනතුරුව නගර සභාවේ බලය දෙමළ ජාතික සන්ධාන‍යෙන් ගිලිහීමත් සමඟයි මේ ගැටුම හට ගෙන ඇත්තේ.
වවුනියාව එක්සත් ජාතික පක්ෂ සංවිධායක පී කරුණාදාස හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙකු වන උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්ඛාන් බදියුදීන් අතර අදාළ බහින් බස් වීම හට ගෙන තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා පැවසූවේ රිෆ්ඛාන් බදියුදීන් මහතා ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියට නගරාධිපති තේරීමේ ජන්දයේදී කටයුතු කිරීම සම්බන්ධයෙන් බලපෑම් කොට ඇති බවයි.
මේ වනවිට තත්ත්වය සමථයකට පත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.