වව්නියාව –  ඕමන්ත – පාවට්ටාන්කුලම් ප්රදේශයේදී ඊයේ පස්වරුවේ හමා ගිය සුළඟකින් නිවාස 7 කට හානි සිදුව තිබෙනවා. 
හිරු වාර්තාකරු සඳහන් කළේ හානියට ලක්වූ මෙම නිවාසවලින් නිවාස 3 ක පමණ වහල සුළඟට හසුවී ගසාගොස් ඇති බවයි.
මෙම සුළං තත්ත්වය හේතුවෙන් ප්රදේශයේ කෙසෙල් වගාවන්ට ද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.



