Gossips

වව්නියාවේ සිනමා ශාලාවක දෙපිරිසක් අතර ගැටුමක්

වව්නියාවේ සිනමා ශාලාවක් වෙත පැමිණි දෙපිරිසක් අතර පසුගියදා ගැටුමක් ඇතිව තිබෙනවා.
දකුණු ඉන්දීය සිනමා නළු අජිත් කුමාර්ගේ නවතම චිත්‍රපටය වන විශ්වාසම් චිත්‍රපටය නැරඹීමට පැමිණි දෙපිරිසක් අතරයි මෙම ගැටුම ඇතිවී ඇත්තේ.
චිත්‍රපටය නැරඹීම අවශ්‍ය ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් මත මෙම ගැටුම සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
ගැටුමෙන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙක් රෝහල් ගතකර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.