Gossips

වව්නියාවේ පාසල්වල සහ රෝහලේ තිබූ බඹර වද ඉවත් කෙරේ (ඡායාරූප)

වව්නියාවේ පාසල් කිහිපයක තිබූ බඹර වද ඉවත් කිරීමට වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.
මෙම බඹර වද ඇවිස්සීම හේතුවෙන් පසුගිය දින කිහිපයේ පාසල් කටයුතුවලට ද බාධා එල්ලවුනා.
ආපදා කළමණාකරණ නිලධාරීන් විසින් වව්නියාව පාසල් කිහිපයක මෙන්ම මහ රෝහලේ තිබු බඹර වද ඊයේ රාත්‍රී ඉවත් කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
පසුගියදා පාසල් ළමුන් සහ ගුරුවරුන් ද බඹරුන්ගේ දෂ්ඨ කිරීම් හේතුවෙන් රෝහල් ගත කෙරුනා.
එමෙන්ම පාසල්වලට නිවාඩු ලබාදීමට ද සිදුවූයේ බඹරුන් ඇවිස්සීම හේතුවෙන්.

ඡායාරූප – වන්නි රොමේෂ් මදුෂංක